ස්වර්ණාභරණ නිෂ්පාදනය සදහා නැනෝ-වර්ණ රන් මිශ්‍ර ලෝහයක් හඳුන්වා දීම.
මෙම යෝජනාවේ අරමුණ වන්නේ නව්‍ය නැනෝ-වර්ණ රන් මිශ්‍ර ලෝහ ද්‍රව්‍ය සහ පෑස්සුම් ද්‍රව්‍ය ස්වර්ණාභරණ කර්මාන්තයට හඳුන්වා දීමයි. මෙම නවීණ ලෝහ ද්‍රව්‍ය, සුවිශේෂී වර්ණ ලබා ගැනීම, කල්පැවැත්ම වැඩි කිරීම සහ වැඩිදියුණු කළ පෑස්සුම් ක්‍රියාකාරිත්වය කෙරෙහි අවධානය යොමු කරමින් ස්වර්ණාභරණ නිර්මාණය සහ නිෂ්පාදනය සඳහා නව හැකියාවන් ලබාදෙනු ඇත.
අරමුණු
- ස්වර්ණාභරණ කර්මාන්තය සදහා සාම්ප්‍රදායික වර්ණ ගැන්වූ රන් වල සීමාවන් ඉක්මවා, දීප්තිමත්, ස්ථාවර සහ වෙනස් කළ හැකි වර්ණ සහිත නැනෝ-වර්ණ රන් මිශ්‍ර ලෝහ සංවර්ධනය කිරීම.
- නැනෝ-වර්ණ මිශ්‍ර ලෝහ සමඟ අනුකූල වන, බාධාවකින් තොරව සම්බන්ධ වීම සදහා, අවම ඔක්සිකරණය සහ ශක්තිමත්, පිරිසිදු බන්ධන සහතික කරන දියුණු පෑස්සුම් ද්‍රව්‍ය නිර්මාණය කිරීම.
- පාරිසරික සංවේදි හා සදාචාරාත්මක ස්වර්ණාභරණ නිෂ්පාදනයක් සදහා වන ඉහළ ඉල්ලුමට සරිලන පරිදි පරිසර හිතකාමි, තිරසාර මිශ්‍ර ලෝහ හා පෑස්සුම් විකල්ප ද්‍රව්‍ය ලබාදීම.







