ලා පැහැති මැණික් ගල් සඳහා වන සම්මත කැපුම්වල මුහුණත් ගණන අනුව වර්ණයේ වෙනස්වීම් සිදුවන්නේ කෙසේද යන්න අධ්‍යයනය කිරීම.
ලා පැහැති මැණික් ගල්වල වර්ණ ස්වරූපය වැඩි දියුණු කිරීම මගින් එ්වායේ වටිනාකම වැඩි කළ හැකිය. මෙය සම්මත කැපුම්වල මුහුණත් ගණන වෙනස් කිරීමෙන් ලගාකර ගත හැකිය. සමමිතිය, මතුපිට ප්‍රමාණය, Girdle ඝණකම, ඔප දැමීම, සමානුපාත වැනි කැපුම්වල ගුණාත්මක භාවයට බලපාන තවත් කරුණු කිහිපයක් තිබේ. මෙම කාර්යයේදී අවධානය යොමු කරන්නේ අනෙකුත් පරාමිතීන් සලකා බලා විවිධ ප්‍රමාණයේ ලා පැහැති මැණික් ගල් සඳහා ප්රශස්ත මුහුණත් ගණන අධ්‍යයනය කිරීමයි. මෙම අධ්‍යයනය ආරම්භයේදී Gem Cad මෘදුකාංගය භාවිතා කරමින් කෘතිම මැණික් ගල් කැපීමෙන් පසුව ස්වභාවික නිදර්ශක සඳහා යොදා ගැනීමට සැලසුම් කර ඇත. අවසාන වශයෙන්, ලා පැහැති මැණික් ගල්වල කැපුම්වල ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම සඳහා මැණික් ඔප දමන්නන් සඳහා මාර්ගෝපදේශයක් සකස් කිරිමට අදහස් කරයි.
අරමුණු
- ලා පැහැති මැණික් ගල්වල ප්රශස්ත වර්ණ වැඩිදියුණු කිරීමක් ලබා ගැනීම සඳහා සුදුසු මුහුණත් ගණන හඳුනා ගැනීම.
- මාර්ගෝපදේශයක් සකස් කිරීම.







