GJRTI යනු රටේ මැණික් තිබිය හැකි ප්‍රදේශ ගවේෂණය කිරීමෙහිලා විශේෂඥතාවයක් දක්වන ආයතනයයි. ඔබේ ඉඩමේ මැණික් නිධි තිබීමේ හැකියාව සොයා බැලීම සඳහා ඔබට අපගේ සේවය ලබාගත හැක. මෙම සේවාව අපගේ වෘත්තීය භූ විද්‍යාඥයින්ගේ ක්ෂේත්‍ර, භූ විද්‍යාත්මක, ඛනිජ විද්‍යාත්මක, භූ විෂමතා සහ දුරස්ථ සංවේදන දත්ත පරීක්ෂා කිරීම තුළින් සපයනු ලැබේ. මැණික් නිධියේ ගැඹුර, මැණික් නිධියෙහි පිහිටීම, සොයාගත හැකි මැණික් වර්ග සහ සුදුසු පතල් කැණීම් ස්ථාන විද්‍යාත්මකව තීරණය කරනු ලැබේ. අපේක්ෂිත මැණික්වල ගුණාත්මකභාවය ද පුරෝකථනය කරනු ඇත. එබැවින්, ඔබට වැඩි විශ්වාසයකින් යුතුව මැණික් පතල් කැණීම සඳහා ආයෝජනය කළ හැකිය.




