නිවැරදිව ගෙවුඩ හඳුනා ගැනීම පිළිබඳ වීඩියෝ පොතක් ප්‍රකාශයට පත් කිරීම.
සාර්ථක ප්‍රතිඵල සඳහා තාප පිරියම් කිරීමට පෙර සුදුසු ගෙවුඩ නිවැරදිව හඳුනා ගැනීම අත්‍යවශ්‍ය වේ. මෙම වසරෙදී, අප ආයතනය මගින්, ගෙවුඩ තාප පිරියම් කිරීම සහ හඳුනා ගැනීම පිළිබඳ මුද්‍රිත පොතක් ප්‍රකාශයට පත් කරන්නෙමු. කෙසේ වෙතත්, ඡායාරූප පමණක් භාවිතා කරමින් ගෙවුඩ ප්‍රභේද හඳුනා ගැනීම අභියෝගාත්මක වේ. එබැවින්, මෙම ව්‍යාපෘතිය එ්කාබද්ධ වීඩියෝ අන්තර්ගතයක් සහිත පොතක් ප්‍රකාශයට පත් කිරීම අරමුණු කරයි. තාප පිරියම් කිරීම සඳහා සුදුසු ගෙවුඩ තෝරා ගැනීම සඳහා වීඩියෝ පොත වඩාත් ප්‍රායෝගික හා දෘශ්‍ය ප්‍රවේශයක් සපයනු ඇත. මෙම දැනුම මැණික් වෙළෙන්දන්ට බෙහෙවින් වටිනා වන අතර, ගෙවුඩ මිලදී ගැනීමේදි, තීරණ ගැනීමට ඔවුන්ට උපකාරී වනු ඇත.







