දේශීය හා විදේශීය වෙළඳපොළ ඉලක්ක කරගනිමින් කර්මාන්තගත කිරිම සඳහා ශ්‍රී ලාංකීය සංස්කෘතීන් පදනම් කරගත් ස්වර්ණාභරණ මෝස්තර ඇතුළත් ගොනුවක් නිර්මාණය කිරීම.
ශ්‍රී ලංකාව අතිශයින්ම ඉල්ලුමක් ඇති සංස්කෘතික ස්වර්ණාභරණ නිර්මාණ එකතුවකට හිමිකම් කියයි. එමනිසා මෙම නිර්මාණ දේශීය හා ජාත්‍යන්තර වෙළඳපොළවල ඉහළ අගයක් ලබා ගත හැකිය. පුරාවිද්‍යාත්මක හා සංස්කෘතික ස්ථාන, කෞතුකාගාර සහ වෙනත් ස්ථාපිත කිරීම් මෙම සාම්ප්‍රදායික ස්වර්ණාභරණ නිර්මාණ පවත්වාගෙන යයි. කෙසේ වෙතත්, නිෂ්පාදන මාර්ගෝපදේශ ඇතුළත් මෙම නිර්මාණවල සවිස්තරාත්මක ගොනුවක් නොමැත. සමහර ආයෝජකයින් මෙම අංශයට මුදල් ආයෝජනය කිරීමට සූදානම් විය හැකි නමුත්, ඔවුන්ට නිෂ්පාදනය සඳහා අවශ්‍ය කුසලතා හෝ නිර්මාණ නොමැති විය හැකිය. මේ හේතුවෙන්, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව (DNM) සමඟ එක්ව, ශ්‍රී ලංකාවේ සංස්කෘතික ස්වර්ණාභරණ මෝස්තර පිළිබඳ සවිස්තරාත්මක ගොනුවක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියක් මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා පුහුණු ආයතනය (GJRTI) විසින් ආරම්භ කර ඇත.
අරමුණු
- මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වන්නේ කෞතුකාගාරවල ඇති සාම්ප්‍රදායික සංස්කෘතික, සංකල්පීය නිර්මාණ, ඓතිහාසික චිත්‍ර, පන්සල්, පුරාවිද්‍යාත්මක ස්ථාන ආදිය ඇතුළුව ඓතිහාසික යුගවල සිට උරුම වූ ශ්‍රී ලංකාවේ සංස්කෘතික ස්වර්ණාභරණ නිර්මාණ සංරක්ෂණය කිරීමයි. මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා පහත සඳහන් ද්විතියික අරමුණු ඉලක්ක කර ඇත.
- ශ්‍රී ලාංකික සංස්කෘතික ස්වර්ණාභරණවල ඇති නිර්මාණ අධ්‍යයනය කිරීම.
- ජාතික කෞතුකාගාරවල ඇති සංස්කෘතික ස්වර්ණාභරණ එකතුව සහ ඡායාරූප සවිස්තරාත්මක ගොනුවක් ලෙස ප්‍රකාශයට පත් කිරීම.
- ශ්‍රී ලාංකික සංස්කෘතික ස්වර්ණාභරණ මගින් අනාවරණය වන සංස්කෘතික, සමාජ විද්‍යාත්මක, ආර්ථික, දේශපාලනික සහ තාක්ෂණික ඉදිරිදර්ශන අධ්‍යයනය කිරීම.
- සවිස්තරාත්මක ගොනුවේ ඇති තොරතුරු මතු පරපුර සඳහා සංරක්ෂණය කිරීම.
- හදුනාගනු ලබන ස්වර්ණාභරණ එකතුව අනාගත පර්යේෂණ සඳහා පර්යේෂණ ලෝකයට විවෘත කිරීම.
- කෞතුකාගාරයට පැමිණෙන අමුත්තන් සඳහා සිහිවටනයක් ලෙස ඉහත ගොනුව ලබා ගත හැකි පරිදි තැබිම.
- මෙමගින් ආදායමක් ඉපැයීම.







