GJRTI නව නිපැයුම්

මෙම පරිගණක ආශ්‍රිත මැණික්වල අගය තක්සේරු කිරීමේ පද්ධතිය ස්ථාපනය ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තයේ ප්‍රගමනය සඳහා රුකුල් සැපයීමකි. මෙම ValGem පද්ධතිය ස්ථාපනය තුළින් තක්සේරු නොගැලපීම් හා බාධාවන් ඉවත් කර සාධාරණ මිල සහතික කිරීම, ආයෝජක විශ්වාසය ඉහල නැංවීම හා ශ්‍රී ලංකාව ගෝලීය වෙළඳපළ පෙර ගමන් කරුවකු ලෙස ස්ථානගත කිරීම සඳහා විප්ලවීය වෙනසක් සිදු කරනු ඇත.

මෙමගින් ප්‍රමිති ගත තාක්ෂණය මත පදනම් වූ ශ්‍රී ලංකාවේ ආභරණ වටිනාකම තක්සේරු කිරීමේ පද්ධතියක් ස්ථාපිත කෙරේ. අමුද්‍රව්‍ය වියදම, මෝස්තරය හා අනෙකුත් වෙළඳ සාධක සැලකිල්ලට ගනිමින් විනිවිදභාවයකින් යුතු ස්ථාවර මිල ඇගයීමක් මෙමගින් තහවුරු කෙරෙයි. මෙම ආරම්භය ගෝලීය අපනයන තරගයට සාර්ථකව මුහුණ දීම, ගැනුම්කරු විශ්වාසය තහවුරු කිරීම හා ජාතික ආර්ථිකය සවි බල ගැන්වීම අරමුණු කරයි.

ගැමාවිකිරණ පිරියම් කිරීමේ බාධක නිසා දේශීය වෙළඳපලේ අවර්ණ පදියං සදහා අඩු ඉල්ලුමක් පවතී. මෙම ගැටළුවට පිළියම් වශයෙන් අප පර්යේෂණ අංශය විසින් ආකර්ෂණීය නිල් පදියං ලබා ගැනීම සදහා නව්‍ය කෝබ්ල්ට් විසරණ ක්‍රියාවලිය හඳුන්වාදී ඇත.

කුරුවින්ද (Corundum) වල නිල් පැහැය වර්ධනය සදා මෙම නැනෝ ප්‍රමාණයේ ද්‍රව්‍ය භාවිතයෙන් නව ක්‍රමවේදය දියුණු කල අතර පේටන්ට් බලපත්‍රය සදහා අයදුම් කර ඇත.

ශ්‍රී ලංකාවේ පතල් කැණීම සඳහා නොගැඹුරු පතල්, ගැඹුරු පතල්, යාන්ත්‍රික පතල් හා ගඟ ඇදීම වැනි තාක්ෂණයෙන් භාවිතා කරයි. කෙසේ නමුත් ගැඹුරු පතල් ක්‍රමය පාරිසරික හානිදායක හා වන විනාශය සඳහා දායක වන ක්‍රමයකි. මෙම අධ්‍යයනය මගින් සාම්ප්‍රදායික පතල් කණු වෙනුවට යොදාගත හැකි සවිවර අඩුබර කොන්ක්‍රීට් ආදේශකයක් යෝජනා කරයි. මෙමගින් රබර් හා පුවක් වගාවන්ට සිදුවන හානි අවම කරනු ඇත. මෙය සංකල්පිත මට්ටමේ පවතින අතර විශේෂඥ තහවුරු කිරීම අවශ්‍ය වේ.

ශ්‍රී ලංකාවේ කුඩා පරිමාණ රන් කර්මාන්තයේ අපද්‍රව්‍ය මගින් රන් වෙන්කර ගැනීම සඳහා රසදිය බහුලව භාවිතා කරයි. මේ මගින් සැලකිය යුතු පාරිසරික අවදානමක් ඇති කරන අතර වාෂ්පවලට නිරාවරණය දැඩි සෞඛ්‍ය අවදානමක් ඇති කරයි. මෙම අධ්‍යයනය මගින් කර්මාන්තකරුවන්ගේ මේ පිළිබඳ අඩු දැනුම තහවුරු වූ අතර මිනමාටා සම්මුතිය අනුව යමින් රසදිය භාවිතයෙන් තොර ආරක්ෂිත රන් නිස්සාරණ ක්‍රමවේදයන් හඳුන්වා දීමේ වැදගත්කම ඉස්මතු කරයි.

මෙම අධ්‍යයනයේදී විවිධ උෂ්ණත්ව හා සීඝ්‍රතාවන් පරීක්ෂා කරමින් 96.53% ක් පමණ පිරිසුදු සිලිකා දහයියා අළු ලබාගන්නා ලදී. මෙම ද්‍රව්‍ය රසායනික අවක්ෂේප වලට ලක් කර සාර්ථකව නැනෝ සිලිකා නිපදවනු ලැබීය.

මැණික් ආශ්‍රිත අවසාදිත ස්ථීර වල වටිනාකමක් සහිත බැර ඛණිජ පවතින නමුත් මේවා භාවිතයට නොගෙන ඉවත් කරයි. මෙම අධ්‍යයනය මගින් මෙම ඉවත් කරන කොටස භාවිතයෙන් ඉල්මනයිට්, ගානට්, මැග්නටයිට් සහ මොනසයිට් වැනි ඛණිජ ලබා ගැනීම තුළින් පතල්කරුවන් හට අමතර ආදායම් ඉපයීමේ හැකියාව ඇගැයීමට ලක් කරන ලදී.

මැණික් නිදි පවතින සියලු දිස්ත්‍රික්ක සමීක්ෂණය කරනු ලබන අතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමේ සිතියම් නිර්මාණය කෙරේ. මේ සඳහා ක්ෂේත්‍ර ගවේෂණ, නිදර්ශක ලබා ගැනීම, ඛනිජ විද්‍යාත්මක, භූ රසායන, GIS අධ්‍යනයන් උපයෝගී කර ගනී. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 19ක් සඳහා සිතියම් පිළියෙළ කිරීම සිදුකර ඇත.

මෙමගින් භාවිතානොවන කිරිකොට්ටර සදහා ආර්ථිකමය වටිනාකම් ලබා දේ. ඉහළ උෂ්ණත්වයෙක් හා ඔක්සිකාරක වායුගෝලීය තත්වයක් යටතේ ප්‍රශස්ථ වර්ණ ඉහල නැංවීමක් ලබා ගැනීමට අවශ්‍ය තාප පිරියම් තත්ව හදුනාගෙන ඇත.

තික් සිල්කි ගෙවුඩ තාපකරණය ප්‍රධාන අභියෝගය ලෙස වර්ණ කලාප වර්ධනය හා අඩු පැහැදිලි බව ලබාදීම හදුනාගෙන ඇත. මෙයට පිරියම් ලෙස අප විසින් මෙම නව තාප පිරියම් ක්‍රමවේදය හදුන්වාදී ඇත.

GIS පදනම් වූ බරතැබීමේ ක්‍රමවේද යොදාගනිමින් භූ විද්‍යාත්මක හා පාරිසරික සාධක හතක් ඇගයීම මගින් මැණික් නිදි පිහිටීම පිළිබඳ අධ්‍යයනය කරන ලදී. මෙම ප්‍රතිඵල මැණික් සහිත ප්‍රදේශ පුරෝකථනය, පතල් සැලසුම් හා භූමි ප්‍රතිස්ථාපනය සහ ප්‍රතිපත්ති සැකසීමට යොදාගත හැක.

ශ්‍රී ලංකාවේ ගෙවුඩ තාප කරණය වර්ෂ 1980 දක්වා දිව ගියද තව දුරටත් යම් යම් බාධක පවතී. මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනය විසින් ගෙවුඩ තාපකරණ ප්‍රථිසාධන කාර්යක්ෂමතාවය ඉහල නැංවීමට හා උපරිම වර්ණයක් ලගා කර ගැනීම සදහා පියවර දෙකකින් සමන්විත නව තාක්ෂණ ක්‍රමවේදයක් හදුන්වා දෙනු ලැබීය.

මැණික් කැපීම හා ඔපදැමීම මගින් රළු මැණික්වල අලංකරණය ඉහළ නැංවෙන අතර නියමිත කැපුම් තත්ව හා කැපුම් කෝණ අලංකරණය කෙරෙහි සෘජුව බලපායි. මෙම අධ්‍යනය මගින් ජාගුං, සෆායා, පඩියම් හා පලිගු සඳහා සම්මත කැපුම් නැවත නිර්මාණය කළ අතර කැපුම්කරුවන් සඳහා අඩුබර නාස්තියකින් යුතුව අලංකාර කැපුම් ක්‍රම නිර්මාණය කරන ලදී

ශ්‍රී ලංකාවේ පතල් ආශ්‍රිතව හමුවන තද පැහැ ආසන්න කළු වර්ණයෙන් යුතු ජාගුං භාවිතයට නොගෙන පවතී. මෙම ජාගුං විශේෂය වටිනාකමින් ඉතා වැඩි කොළ පැහැ ජාගුං බවට පත්කිරීමට අවශ්‍ය ප්‍රශස්ථ තාපකරණ තත්වයන් මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනයේ පර්යේෂණ කණ්ඩායම විසින් සාර්ථකව හදුනාගෙන ඇත.

නැනෝ ප්‍රමාණයේ තොරමල්ලි ජෛව පද්ධති සදහා බලපෑම් කල හැකි ආවේණික භෞතරසායනික ලක්ෂණ වලින් සමන්විතය. මෙම අධ්‍යයනය මගින් ඒවායේ බැක්ටීරියා (Bifidobactrium Bifidum) වර්ධනය උත්තේජනයට ඇති හැකියාව හදුනාගත් අතර එමගින් නව ජෛව වෛද්‍ය හා ප්‍රෝබයෝටික් යෙදීම් පිළිබද වූ අවස්ථාවන් විවර කෙරේ.

ගෙවුඩ තාප කරණයේ බහුලව භාවිතා වන ලක්මිණි උදුන නිරවද්‍ය ඔක්සිකාරක තත්ව ලබා ගත හැකි පරිදි නවීකරණය කරන ලදී. මෙමගින්  ගෙවුඩ, පින්ක් සෆායර් හා පුෂ්පරාග මැණික් සදහා සාධනීය වර්ණය ඉහල නැවංවීමක් ලබා ගත හැකි විය.

යං ගෙවුඩ තාප පිරියම්කරණය තවදුරටත් ගෙවුඩ කර්මාන්තයෙහි ප්‍රදාන අභියෝගයක්ව පවතී. මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනය  විසින් මේ සදහා විදුලි උදුන මගින් නයිටුජන් වායුගෝලීය තත්ව යටතේ නව පරියම් ක්‍රමවේදයක් හදුනාගත් අතර මෙමගින් ප්‍රශස්ථ වර්ණ විපර්යාසයක් හානියකින් තොරව ලගා කර ගත හැක

මේ සදහා නවීකරණය කරන ලද ලක්මිණි උදුන හා විදුලි උදුන භාවිතයෙන් නව්‍ය තාපකරණ ක්‍රමවේදයක් හඳුන්වාදෙන ලදී. මෙම ක්‍රමවේදය මගින් පුෂ්පරාග මැණික් සදහා සංතෘප්ත වර්ණ ලබාදෙන ලද අතර කැපීපෙනෙන කාර්‍යක්ෂමතාවයක් සහිතව සමස්ථ පෙනුමක් ලබාදේ.

සාම්ප්‍රදායික රතු ගෙවුඩ තාපකරණයේදී බොහෝවිට නිල් වර්ණයක් ද ලබාදීම නිසා ඒවායේ වටිනාකම අඩුවේ. මෙයට පිළියම් ලෙස මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනයේ පර්යේෂකයන් විසන් නවීකරණය කරන ලද ලක්මිණි උදුන භාවිතයෙන් නව ක්‍රමවේදයක් හදුන්වාදී ඇති අතර එහිදී නිල් වර්ණය වර්ධනය වලක්වමින් ප්‍රශස්ථ රතු වර්ණයක් ලබා ගත හැකි විය.

ටැන්සනයිට් සදහා ප්‍රශස්ථ දම්-නිල් වර්ණ විපර්යාසයක් ලබා ගැනීම සදහා විදුලි උදුන භාවිතයෙන් විශේෂිත තාප පිරියම්කරණ ක්‍රමවේදයක් ස්ථාපනය කරන ලදී. මෙම ක්‍රමවේදය මගින් උපරිම වර්ණ වැඩිවීමක් හා වෙළද පල තත්වයේ මැණික් ලබාදීම තහවුරු කරේ.

අප විසින් මේ සදහා නිරවද්‍ය තාපකරණ ක්‍රමවේදයක් හදුන්වාදෙන ලදී. නවීකරණය කරන ලද ලක්මිණි උදුන මත පදනම් වූ මෙම නවෝත්පාදනය මගින් පැහැදිලි බව හා ස්වභාවික රෝස පැහැය වර්ධනය කරයි.

ගෙවුඩ සෆායර් සදහා පිරයිම් කිරීමෙන් පසුව ලැබෙන වර්ණය පිළිබඳ නිගමනය මැණික් කර්මානතයේ දීර්ඝ කාලීන ගැටළුවක්ව පවතී. මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනයේ පර්යේෂකයන් විසින් රාමන් වර්ණාවලීක්ෂණය මත පදනම් වූ ආනාවැකි මොඩලයක් සංවර්ධනය කර ඇති අතර එමගින් පසු පිරියම් වර්ණ ලැබීම පිළිබදව නිවැරදි තක්සේවරුවක් ලබාදිය හැකිය.