මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා පුහුණු ආයතනය (GJRTI) මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයට අදාළ වෘත්තීය පුහුණු වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරයි. ජාතික අධ්‍යයන ප්‍රමිතීන්ට සහ තත්ත්ව සහතිකයට අනුකූල වීම සහතික කිරීම සඳහා, තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවෙන් (TVEC) ප්‍රතීතනය ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ.
ඒ අනුව, GJRTI හි සියලුම ප්‍රාදේශීය පුහුණු මධ්‍යස්ථාන 15 ම තෘතිය හා වෘත්තීය අධ්‍යාපන කොමිසන් සභවේ ( TVEC ) ලියාපදිංචි වී ඇත. තවද, පහත සඳහන් පුහුණු වැඩසටහන් TVEC විසින් ප්‍රතීතනය කර ඇති අතර ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) ප්‍රමිතීන්ට අනුකූලව ක්‍රියාත්මක කරනු ලැබේ

