පොත්

Sri Lankan Gem Books Catalog
Cover of Value Addition of Sri Lankan Gemstones book

ශ්‍රී ලංකාවේ මැණික්වල අගය ඉහළ නැංවීමේ තාක්ෂණය

මෙම කෘතිය මගින් ශ්‍රී ලංකාවේ හමුවන මැණික් වර්ග පිලිබඳ වර්ණ චායාරූපද ඇතුලත්ව විස්තරාත්මක තොරතුරු , වටිනාකමින් අඩු මැණික් වල අගය එකතු කිරීමේ ක්‍රමවේද පිලිබඳ තොරතුරු ඉතාමත් සරල භාෂාවෙන් ඇතුලත් කර ඇත.

ශිෂ්‍ය: රු. 750/-

අනෙකුත්: රු. 1000/-

Cover of Sri Lankan gem mining industry book

ශ්‍රී ලාංකේය මැණික් පතල් කර්මාන්තය තිරසර යුගයක් කරා

(“ශ්‍රී ලාංකේය මැණික් කැණීම් කර්මාන්තය තිරසාර යුගයක් කරා මෙහෙයවීම” යන මැයෙන් සිංහල මාධ්‍ය ග්‍රන්ථය)

ISBN 978-955-8382-07-3

මෙම කෘතිය, අප මැණික් කර්මාන්තයේ ඉතිහාසය, මැණික් නිධි පිහිටීම, ගවේෂණය හා කැණීම් ක‍්‍රමවේද යනාදිය පිළිබද විද්‍යාත්මක තොරතුරු ඉතාමත් සරල භාෂාවෙන් ඇතුලත් කර ඇත. ඊට අමතරව, ශ‍්‍රී ලාංකීය පතල් කර්මාන්තයේ සමාජ ආර්ථික පසුබිම පිළිබඳවත් මැණික් පතල් කර්මාන්තය හරහා සිදුවන පාරිසරික බලපෑම් පිළිබදවත්, මැණික් පතල් කැණීම සදහා තිරසාර ක‍්‍රමවේද පිළිබඳවත් විස්තරාත්මකව තොරතුරු ඉදිරිපත් කිරීමට කතෘ මණ්ඩලය උත්සුක වී ඇත. මෙම කෘතියෙහි ඉංග‍්‍රීසි පරිවර්තනයද ඉදිරියේදී එළිදැක්වීමට අපේක්ෂා කරන බව සතුටෙන් දැනුම් දෙමු.

Cover of The dark side of the life of a goldsmith book

රසදිය හා බැඳි රන් ශිල්පී දිවියෙහි අඳුරු පැතිකඩ

මෙම පොත ගෝලීය පාරිසරික පහසුකම (GEF) අරමුදල් යටතේ “කුඩා පරිමාණ ආභරණ නිෂ්පාදනයේ භාවිතය තක්සේරු කිරීම: ශ්‍රී ලංකාවෙන් සවිස්තරාත්මක අධ්‍යයනයක්” යන පර්යේෂණ ව්‍යාපෘතිය යටතේ ප්‍රකාශයට පත් කරන ලදී.

Cover of Gemology book

මැණික් විද්‍යාව

මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා පුහුණු ආයතනයේ ප්‍රකාශනය

ශිෂ්‍ය: Rs. 1000/-

අනෙකුත් : Rs. 2000/-

Cover of Sri Lanka's mineral resources book

ආර්ථිකය සරි කළ හැකි ලංකීය ඛණිජ සම්පත්

මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා පුහුණු ආයතනයේ ප්‍රකාශනය

ශිෂ්‍ය: Rs. 500/-

අනෙකුත්: Rs. 750/-