පොත්
ශ්‍රී ලංකාවේ මැණික්වල අගය ඉහළ නැංවීමේ තාක්ෂණය
මෙම කෘතිය මගින් ශ්‍රී ලංකාවේ හමුවන මැණික් වර්ග පිලිබඳ වර්ණ චායාරූපද ඇතුලත්ව විස්තරාත්මක තොරතුරු , වටිනාකමින් අඩු මැණික් වල අගය එකතු කිරීමේ ක්‍රමවේද පිලිබඳ තොරතුරු ඉතාමත් සරල භාෂාවෙන් ඇතුලත් කර ඇත.
ශිෂ්‍ය: රු. 750/-
අනෙකුත්: රු. 1000/-
ශ්‍රී ලාංකේය මැණික් පතල් කර්මාන්තය තිරසර යුගයක් කරා
(“ශ්‍රී ලාංකේය මැණික් කැණීම් කර්මාන්තය තිරසාර යුගයක් කරා මෙහෙයවීම” යන මැයෙන් සිංහල මාධ්‍ය ග්‍රන්ථය)
ISBN 978-955-8382-07-3
මෙම කෘතිය, අප මැණික් කර්මාන්තයේ ඉතිහාසය, මැණික් නිධි පිහිටීම, ගවේෂණය හා කැණීම් ක්‍රමවේද යනාදිය පිළිබද විද්‍යාත්මක තොරතුරු ඉතාමත් සරල භාෂාවෙන් ඇතුලත් කර ඇත. ඊට අමතරව, ශ්‍රී ලාංකීය පතල් කර්මාන්තයේ සමාජ ආර්ථික පසුබිම පිළිබඳවත් මැණික් පතල් කර්මාන්තය හරහා සිදුවන පාරිසරික බලපෑම් පිළිබදවත්, මැණික් පතල් කැණීම සදහා තිරසාර ක්‍රමවේද පිළිබඳවත් විස්තරාත්මකව තොරතුරු ඉදිරිපත් කිරීමට කතෘ මණ්ඩලය උත්සුක වී ඇත. මෙම කෘතියෙහි ඉංග්‍රීසි පරිවර්තනයද ඉදිරියේදී එළිදැක්වීමට අපේක්ෂා කරන බව සතුටෙන් දැනුම් දෙමු.
රසදිය හා බැඳි රන් ශිල්පී දිවියෙහි අඳුරු පැතිකඩ
මෙම පොත ගෝලීය පාරිසරික පහසුකම (GEF) අරමුදල් යටතේ “කුඩා පරිමාණ ආභරණ නිෂ්පාදනයේ භාවිතය තක්සේරු කිරීම: ශ්‍රී ලංකාවෙන් සවිස්තරාත්මක අධ්‍යයනයක්” යන පර්යේෂණ ව්‍යාපෘතිය යටතේ ප්‍රකාශයට පත් කරන ලදී.
මැණික් විද්‍යාව
මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා පුහුණු ආයතනයේ ප්රකාශනය
ශිෂ්‍ය: Rs. 1000/-
අනෙකුත් : Rs. 2000/-
ආර්ථිකය සරි කළ හැකි ලංකීය ඛණිජ සම්පත්
මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා පුහුණු ආයතනයේ ප්රකාශනය
ශිෂ්‍ය: Rs. 500/-
අනෙකුත්: Rs. 750/-

