ආයතනික ව්‍යාපාර සම්බන්ධතාවය (Institutional Business Linkage – IBL) යනු GJRTI හි බුද්ධිමය දේපළ අයිතිවාසිකම් නිෂ්පාදනය සහ වාණිජකරණය සඳහා වගකිව යුතු GJRTI විසින් නම් කරන ලද එ්කකයයි.
Institutional Business Linkage (IBL)
අරමුණු
- බුද්ධිමය වත්කම් කළමනාකරණය (පේටන්ට් බලපත්‍ර, වෙළඳ ලකුණු, හිමිකාර තාක්ෂණයන්) ප්රශස්ත කිරීම සඳහා ක්‍රමවේද ස්ථාපිත කිරීම.
- කර්මාන්ත කරුවන් සමඟ සහයෝගීතා හවුල්කාරිත්වයන් වර්ධනය කිරීම.
- ප්‍රායෝගික පර්යේෂණ ප්‍රතිඵල වාණිජමය වශයෙන් ශක්‍ය නිෂ්පාදන සහ සේවා බවට පත් කිරීම.
- ආයතනික බුද්ධිමය දේපළ (Institutional Intellectual Property – IIP), පුළුල් ප්‍රජාවක් අතර ප්‍රචලිත කිරීම සහ ප්‍රවර්ධනය කිරීම.
- ප්‍රජා සත්කාරක වැඩසටහන්, වැඩමුළු සහ අධ්‍යාපනික මුලපිරීම් හරහා මහජනතාවට දැනුම සහ කුසලතා බෙදා හැරීම.
- එ්කාබද්ධ ව්‍යාපෘති, සීමාවාසික පුහුණුව සහ මහජන උපදේශන වැඩසටහන් හරහා කර්මාන්තයේ අධ්‍යාපනික හිඩැස් පිරවීම.

