GJRTI සම්මන්ත්රණ වාර්තා
පළමු පර්යේෂණ සම්මන්ත්‍රණය - 2023
පළමු (GJRTI) වාර්ෂික සම්මන්ත්‍රණය 2023.10.25 වන දින කොළඹ BMICH හිදී පැවැත්විණි. එහි තේමාව වූයේ ‘තිරසාර මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයක් කරා’ (Towards the sustainable Gem and Jewellery Industry) යන්නයි. එහිදී ප්‍රධාන අංශ 5ක් යටතේ පර්යේෂණ සාරාංශ (abstracts) 19ක් ඇතුළත් වූ අතර විද්වත් විශේෂඥයින් 24 දෙනෙකුගෙන් සමන්විත විමර්ශන මණ්ඩලයක්ද (review panel) එයට ඇතුළත් විය. පර්යේෂණ සොයාගැනීම් බෙදාගැනීම තුළින් කර්මාන්තයේ තිරසාරභාවය සහතික කිරීම සම්මන්ත්‍රණයේ ප්‍රධාන අරමුණ විය.
Download
දෙවන පර්යේෂණ සම්මන්ත්‍රණය - 2024
2024 අගෝස්තු 02 වැනි දින කොළඹ BMICH හිදී, “මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ආර්ථික වර්ධනය කරා මෙහෙයවීම” (Gearing the Gem and Jewellery Industry Towards Economic Growth) යන තේමාව යටතේ 2 වැනි GJRTI ජාත්‍යන්තර පර්යේෂණ සම්මන්ත්‍රණය පැවැත් විය. කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති, මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනය (GJRTI) විසින් සංවිධාන කරනු ලැබු මෙම අවස්ථාව නව පර්යේෂණ එළිදැක්වීම සහ ශාස්ත්‍රීය හා කර්මාන්ත විශේෂඥයින් අතර දැනුම හුවමාරු කර ගැනීමට පහසුකම් සැලසීමෙන් කර්මාන්තයේ නවෝත්පාදනය සහ තිරසාරත්වය පෝෂණය කිරීම අරමුණු කර පැවැත්විය. 2023 වසරේ පැවති 1 වැනි සම්මන්ත්‍රණයේ සාර්ථකත්වය මත ගොඩනැගුණු 2024 සම්මන්ත්‍රණයේදී කර්මාන්තයේ වර්ධනය සහ ගෝලීය තරඟකාරිත්වය වැඩි දියුණු කිරීම සඳහා බහු විෂයානුබද්ධ පර්යේෂණ දායකත්වයන් ඉදිරිපත් කෙරිණි.
Download
