GJRTI, මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රගමනය සදහා අවශ්‍ය වන නවීන පර්යේෂණ පහසුකම් වලින් සන්නද්ධය. ක්ෂේත‍්‍ර සමීක්ෂණ හා නියැදි ලබා ගැනීම, ඛනිජ සැකසුම්, මැණික් විද්‍යාව, භූ රසායනය, මැණික් පිරියම් කිරීම, උසස් විශ්ලේෂණ පරීක්ෂණ සහ භූගෝලීය තොරතුරු පද්ධති හා සිතියම්කරණය සඳහා අවශ්‍ය පහසුකම් සහ විද්‍යාගාර ආයතනය සතුව ඇත. මෙම සම්පත්ල ව්‍යවහාරික පර්යේෂණ, තත්ත්ව ඇගයීම්, පිරියම් විශ්ලේෂණය, අගය එකතු කිරීම සහ නවෝත්පාදනයන් සඳහා ඉඩ සලසමින් ශාස්ත‍්‍රීය හා කර්මාන්ත සංවර්ධනය යන අංශයන් සදහා සහාය වේ.