ද්විතීයික මැණික් නිධියක ලාක්ෂණික ගුණාංග හඳුනා ගැනීම සඳහා GIS තාක්ෂණය පාදක කරගත් ත්‍රිමාන ආකෘති නිර්මාණය: කැලණි ගංගා ද්‍රෝණියේ අධ්‍යයනයක්.
ශ්‍රී ලංකාවේ ද්විතීයික මැණික් නිධිවල නිධි ඝනකම නිවැරදිව තක්සේරු කිරීම සහ අවසාදිත ස්ථරවල ලාක්ෂණික හඳුනා ගැනීම, සම්පත් භාවිතය ප්රශස්ත කිරීම සහ පාරිසරික බලපෑම අවම කිරීම සඳහා අතිශයින්ම වැදගත් වේ. යාන්ත්‍රික නොවන සමීක්ෂණ සහ මතුපිට සිතියම්ගත කිරීම ඇතුළු සාම්ප්‍රදායික ක්‍රම මගින් බොහෝ විට භූගත විචලනයන් ඵලදායී ලෙස තක්සේරු කිරීමට අවශ්‍ය අවකාශීය විභේදනයක් (spatial resolution) සපුරාලිය නොහැක.
අරමුණු
- නිධියේ අවසාදිත ස්ථර හඳුනා ගැනීම – ඛනිජ සංයුතිය හදුනාගැනීම හා ඇගයීම තුළින් සම්පත් තක්සේරුව හා කැණීම් සැලසුම් කිරිමට මැණික් සහිත අවසාදිත ස්ථර හදුනාගැනීම.
- ද්විතීයික මැණික් නිධියේ ඝනකම ඇස්තමේන්තු කිරීම – නිධියේ සැකැස්ම සහ ව්‍යුහය තේරුම් ගැනීම සඳහා එහි සංයුතිය, එහි කැට වල විශාලත්වය සහ තැන්පත් වීමේ ලක්ෂණ මත පදනම්ව විවිධ අවසාදිත ස්ථර විශ්ලේෂණය කර වර්ගීකරණය කිරීම.
- නිධියේ ව්‍යුහය දෘශ්‍යමාන කිරීම සඳහා GIS තාක්ෂණය පාදක කරගත් ත්‍රිමාන ආකෘතියක් නිර්මාණය කිරීම – භූගත නිධියේ සවිස්තරාත්මක දෘශ්‍ය සහ විශ්ලේෂණාත්මක නිරූපණයක් සපයන ත්‍රිමාන ආකෘතියක් ජනනය කිරීම සඳහා දත්ත GIS රාමුවකට එ්කාබද්ධ කිරීම.
- තිරසාර සම්පත් කළමනාකරණය සඳහා නිධි තක්සේරුවෙහි නිරවද්‍යතාවය වැඩි දියුණු කිරීම – පතල් කැණීම, සම්පත් භාවිතය සහ පාරිසරික බලපෑම් අවම කිරීම සම්බන්ධයෙන් වඩා හොඳ තීරණ ගැනීමට සහාය වීම සඳහා ද්විතීයික මැණික් නිධි තක්සේරු කිරීමේ නිරවද්‍යතාවය වැඩි දියුණු කිරීම.










